fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යතුරු පැදියක් ඇලකට පෙරළීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 16:58

යතුරු පැදියක් ඇලකට පෙරළීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

ගල්ගමුව අඹන්පොල ඇහැටුවැව මාර්ගයේ අතරගල්ල ප්‍රදේශයේදී  යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සිසුන් තුන් දෙනෙකු ඇලකට පෙරලීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

නාට්‍යයක් නරඹා සිය නිවෙස් බලා යමින් සිටි පාසල් සිසුන් තුන් දෙනෙකු මෙම අනතුරට ලක් වුණා. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ගල්ගමුව දිවුල්ගනේ දිඹුලාගල මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුයි. සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් සිසුන් දෙදෙනා වෙනත්  පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. ඔවුන් ගල්ගමුව මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ අතර දික්ඕවිට ධීවර වරායෙන් මුහුදුගොස් සිටියදී පෙරේදා දිනයේ මිය ගිය ධීවරයෙකුගේ මෘත ශරීරය එම වරාය වෙත රැගෙන ඒම අද සිදු වුණා. මීට සති දෙකකට පෙර මෙම ධීවරයා ඇතුළු පිරිසක් ධීවර කටයුතු සදහා දික්ඕවිට වරායෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ බහුදින ධීවර යාත්‍රාවකින්.අදාළ ධීවරයා තවත් පිරිසක් සමග ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී පෙරේදා දිනයේ මිය ගොස් තිබෙනවා. සෙසු ධීවරයින් ඔහුගේ සිරුර රැගෙන ගොඩබිමට යාත්‍රා කිරීම ආරම්භ කළා. ඒ අනුවයි අද දිනයේ දික්ඕවිට ධීවර වරායට පැමිණ තිබෙන්නේ. වත්තල පොලීසිය සිද්ධිය පිළිබද විමර්ශන ආරම්භ කළා.වැලිසර මහේස්ත්‍රාත්වරයා දික්ඕවිට ධීවර වරායට පැමිණ ස්ථානීය පරික්ෂණයක් සිදු කළා. මෘත ශරීරය රාගම රෝහලට යොමු කෙරුණා.

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 16:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්