fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රංශයේ විශ්‍රාමික ප්‍රතිපත්ති සම්බන්ධ විරෝධතා උග්‍ර වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 15:10

ප්‍රංශයේ විශ්‍රාමික ප්‍රතිපත්ති සම්බන්ධ විරෝධතා උග්‍ර වෙයි

ප්‍රංශයේ විශ්‍රාමික ප්‍රතිපත්ති සම්බන්ධ විරෝධතා උග්‍ර වී තිබෙනවා.

ප්‍රංශ රජයේ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් උග්‍රවී තිබෙනවා. විශේෂයෙන්ම පැරිස් නගරයේ පොලිසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම් උග්‍ර වී ඇති බව වාර්තා වනවා. විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් තොරව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ තීරණයත් අනුව සිදු කිරීම මෙම විරෝධතා උත්සන්න වීමට හේතුවී තිබෙනවා.

උද්ඝෝෂකයන් පවසන්නේ ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කිරීමක් බවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 15:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්