ශ්‍රී ලංකාවට එරෙහිව විලියම්සන්ගෙන් ද්විත්ව ශතකයක්
Related Articles
සංචාරක ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරයේ පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය වෙනුවෙන් කේන් විලියම්සන් ද්විත්ව ශතකයක් වාර්තා කළා.
ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 288ක් පමණි.
ඔහුගේ එම අගනා ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 22ක් වාර්තා වනවා.
ඔහුට අනගි සහායක් වෙමින් ක්‍රීඩා කරන හෙන්රි නිකොල්ස් ද මේ වන විට ලකුණු 138ක් ලබා සිටිනවා.
මේ අතර කඩුළු දෙකක් පමණක් දැවී සිටින නවසීලන්ත ඉනිම 471ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් සිටිනවා.