ඔස්ට්‍රේලියාවේ 3 වන දිගම ගංගාව වන ඩාලිං නදියේ මසුන් මිලියන ගණනක් මිය යයි
Related Articles
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ මෙනින්ඩී නගරය අසළ ඩාලිං නදියේ මසුන් මිලියන ගණනක් මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගංගාව පුරා මියගිය මසුන් පාවෙමින් පවතින අතර, අධික දුර්ගන්ධයක් ප්‍රදේශය පුරා පවතින බවයි.
ගංවතුර සහ උෂ්ණාධික කාලගුණය හේතුවෙන් මෙම මසුන් මියගොස් ඇති බවටයි එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ.
ඔස්ට්‍රේලියාවේ තුන්වන දිගම ගංගාව වන මෙහි මීට වසර හතරකට පෙර ද මෙවැනිම සිද්ධියක් වාර්තා වී තිබුණා.