fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුදල්  ත්‍යාග  ලැබි  ඇති බවට පවසමින් ලැබෙන දුරකතන ඇමතුම්

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 05:52

මුදල්  ත්‍යාග  ලැබි  ඇති බවට පවසමින් ලැබෙන දුරකතන ඇමතුම්

ඇතැම්   දුරකත  සමාගම් වලින්   ලක්ෂ  ගණනක   මුදල්  ත්‍යාග  ලැබි  ඇති බවටත් ,   එම  මුදල්  ත්‍යාග ලබා  ගැනිම  සඳහා  බැංකු  ගිණුම්  වලට  මුදල්  බැරකර  ලියාපදිංචි  වන  ලෙසටත්   ඇතැමි  පුද්ගලයන්ගෙන්   ලැබෙන  දුරකත  ඇමතුම්  වලට  හසු  නොවන  ලෙස බලන්ගොඩ  පොලීසිය  මහජතාවට  දැනුම්  දිමක්  කර  සිටියි.

එවැනි  දුරකතන ඇමතුම්  මගිින්  ලැබුණු  පණිවිඩ වලට අසු  විි ප්‍රදේශයේ  කිහිප දෙනෙක්ම  ලියාපදිංචි විම  සඳහා   බැංකු ගිණුම් වලට ලක්ෂ  ගණනක   මුදල්  බැර කර  එම  මුදල අහිමි  වි  ඇති  කිහිපදෙනෙක්ම  බලන්ගොඩ  පොලිස් ස්ථානයට  පැමිණිලි  කර තිබෙන  බව බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධමිත් ජයකොඩි මහතා  පැවැසිය.

තමන්ට  ලක්ෂ  10 ක   හෝ  20   ක මුදල් ත්‍යගයක් ලැබි  ඇති  බවත්  එම  මුදල  ලබා  ගැනිම සඳහා   ඔවුන් විසින්  ලබා  දෙන  බැංකු  ගිණුමකට රැපියල්  ලක්ෂක  මුදලක්  බැර  කරන  ලෙසට  ජනතාවට  දුරකනත ඇමතුමි  ලැබි  ඇති බවට පැමිණිපි  වල සටහන්  විි  ඇති  බවද මහතා  කිිය.

පසුව  ජනතාව විසින්  බැංකු ගිණුමකට මුදල් බැර කල  පසු  එම ඇමතුම ලැබුණු   දුරකතන   අංකයට  නැවත ඇමතුම් ලබා ගැනිමට  නොහැකි  වන  පරිදි  විසන්ධි  කරන බමට ජනතාව පැමිණිලි  කර තිබෙන බවද ඒ මහතා  කිිය.

ආසන්නම සිද්ධිය ලෙස අද  බලන්ගොඩ  නන්පෙරියල් ප්‍රදේශයේ අයෙකුට  රැපියල්  ලක්ෂ  විස්සක  ත්‍යාග මුදලක්  ලැබි  ඇති බවට  ලැබුණු දුරකතන ඇමතුමක්  මත රැපියල් ලක්ෂක මුදලක්  ලියාපදිංචි විම සඳහා  බැංකු ගිණුමකට   බැර  කල  බවට පැමිණිල්ලක්  ලැබි තිබෙන  බවද ධමිත් ජයකොඩි මහතා කිිය.

මෙවැනි වංචා සහගත දේවල් වලට  අසු නොවන ලෙස ඒ මහතා ජනතාවට දැනුම් දිමක්  කර සිටියේය.

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 05:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්