fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සහ එක්දින සංචිත නම්කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2023 15:58

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සහ එක්දින සංචිත නම්කෙරේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර එක්දින තරගාවලිය හා විස්සයි විස්ස තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

ඒ අනුව එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇති අතර ඇන්ජලෝ මැතිච්ස්ද මෙම සංචිතය සඳහා නම් කර තිබීම විශේෂත්වයක්.

එසේම විස්සයි විස්ස තරගාවලිය සඳහාද 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇති අතර මේ සඳහා කුසල් ජනිත් පෙරේරා ඇතුළත් කර තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා ඇත්තේ වසර 02 කට පසුවයි. මැතිව්ස් අවසන් වරට එක්දින තරගයක් සඳහා ක්‍රීඩා කළේ 2021 වසරේ මාර්තු මස 10 වෙනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගයි.

එමෙන්ම කුසල් ජනිත් අවසන් වරට එක්දින තරගයක් සඳහා ක්‍රීඩා කරනු ලැබුවේ 2021 වසරේ ජුලි මස 04 වෙනිදා එංගලන්තය සමගයි.

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2023 15:58

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්