උතුරු කොරියාව ප්‍රබල මට්ටමේ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.
උතුරු කොරියාව මේ වසරේ සිදුකළ දෙවන අන්තර් මහද්වීපික මිසයිල අත්හදා බැලීම මෙය වනවා.
උතුරු කොරියා මාධ්‍ය වාර්තා කරන්නේ මෙය මේ වසරේ අත්හදා බැලූ බලවත්ම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය බවයි.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෙය මන්ස්ටර් මිසයිල් එනම් රාක්ෂ මිසයිලයක් ලෙස නම් කළ හැකි බවයි.
උතුරු කොරියා නායක කිම් ජොන් උන් තම දියණිය සමඟ මෙම මිසයිල අත්හදා බැලීම නරඹන ඡායාරූප උතුරු කොරියාව විසින් මේ වන විට මාධ්‍යයට නිකුත්කර තිබෙනවා.
විදෙස් විචාරකයන් පෙන්වා දෙන්නේ උතුරු කොරියාව මෙම ප්‍රබල මිසයිල අත්හදා බැලීම ජපානයට , දකුණු කොරියාවට සහ ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් ලෙස සිදුකළ බවයි.