බුදු දහමේ හරය අවබෝධ කරගත හැකි අයුරින් නිර්මාණය කර ඇති බෞද්ධ කෞතුකාගාරය දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බෞද්ධ සංචාරකයන් අතර ප්‍රචලිතව පවතිනවා.
මහනුවර ශ්‍රී දළදා මාළිගයේ ලෝක බෞද්ධ කෞතුකාගාරය රටවල් 17 ක මැදිරිවලින් සමන්විතව ඉදිකර තිබෙනවා.
2011 වසරේදී විවෘත කළ මෙම කෞතුකාගාරය මේ වන විට නවීකරණය කර ඇත්තේ සංචාරකයන්ට නැරඹීමට වඩාත් පහසුවන ආකාරයෙනුයි.
මෙහි ජපන් බෞද්ධ කුටිය නවීකරණයෙන් පසු විවෘත කිරීම ඊයේ සිදු කෙරුණා.
දළදා මාළිගය සහ ජපන් තානාපති කාර්යාලය එක්වයි එය සිදුකර තිබෙන්නේ.
මහා සංඝරත්නයද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකොෂි හිදෙකි , දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, හිටපු කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්තාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/QN8snkE49ZA”]