fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝටි ගණන් වැය කර ඉදිකළ වසර ගණනාවක සිට භාවිතය නොගත් පරිපාලන ගොඩනැගිල්ලක් !

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2023 12:39

කෝටි ගණන් වැය කර ඉදිකළ වසර ගණනාවක සිට භාවිතය නොගත් පරිපාලන ගොඩනැගිල්ලක් !

රජයේ මුදල් රුපියල් කෝටි ගණනක් වැය කරමින් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා මහර හන්දිය ප්‍රදේශයේ ඉදිකළ පරිපාලන ගොඩනැගිල්ල වසර ගණනාවක සිට භාවිතයට නොගැනීමේ සිද්ධියක් වාර්තා වනවා.

කෙසේ වුවද මෙම ගොඩනැගිලි සංකීර්ණය තමන් යටතට ගනිමින් ඵලදායී ලෙස භාවිතකිරීමට මහර ප්‍රාදේශීය සභාව ක්‍රියාකළා.

සුඛිත පුරවර වැඩසටහන යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර තිබෙනවා.

එය විවෘත කෙරුණේ 2018 වසරේදීයි. කැලණිය කොට්ඨාස හා කලාප අධ්‍යාපන කාර්යාල ඇතුළු ආයතන කිහිපයක් පමණක් මෙහි පවත්වාගෙන යනවා.

වෙළෙදසැල්, ප්‍රේක්ෂකාගාර හා ශාලා රැසක් පවතින සෙසු ගොඩනැගිලි මෙතෙක් භාවිතයට ගෙන තිබුණේ නැහැ.

මේ පිළිබද අවධානය යොමු කළ අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රි සහන් ප්‍රදීප් යන මහත්වරුන් ගොඩනැගිලි සංකීර්ණය මහර ප්‍රා දේශීය සභාව වෙත ලබාදීමට පියවර ගත්තා.

මෙය තම ප්‍රදේශයේ මහජන සේවාවන් පහසුවෙන් සැලසීම සදහා අනගි අවස්ථාවක් බවයි මහර ප්‍රාදේශීය සභාවේ සභාපති සුධීමා චාන්දනී මහත්මිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2023 12:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්