NZ vs SL (2nd Test) : දික්වැල්ල වෙනුවට කඩුළු රැකීමට මධුෂ්ක
Related Articles
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.
අද තරගයට නිරෝෂන් දික්වැල්ල වෙනුවට කඩුළු රැකීම සඳහා නිශාන් මධුෂ්ක කැඳවා තිබෙනවා.
ඔහු මොරටුව මහා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසියා. ඔහුට හිමි අංකය 163යි.
නිශාන් මධුෂ්ක පළමු පෙළ තරඟවලදී කඩුළු රැකීමෙන් හා පිත්තෙන් අගනා දස්කම් දැක්වුවා.
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වන අද දිනයේ තරගය ආරම්භ කිරීමට වර්ෂාවෙන් බාධා එල්ලවුණා.