fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බගවන්තලාවට තද වැසි – කෙසෙල්ගමුඔය පිටාර ගලයි – පහත්බිම් ජලයෙන් යටවෙයි

hasiniek
By hasiniek මාර්තු 16, 2023 18:40

බගවන්තලාවට තද වැසි – කෙසෙල්ගමුඔය පිටාර ගලයි – පහත්බිම් ජලයෙන් යටවෙයි

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා බගවන්තලාව කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් පහත්බිම්වල පිහිටි බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ පන්ති කාමර කිහිපයක් සහ ඒ අවට පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වී තිබෙනවා.

බගවන්තලාව ප්‍රදේශයට (16) දින පස්වරු 1.30 ට පමණ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය සහ කෙසෙල්ගමුඔයට ජලය ගලා බසින ඇළ මාර්ග කිහිපයක් පිටාර ගැලිමෙන් මෙම ආපදා තත්ත්වය උද්ගත වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

පාසලේ පන්ති කාමර වලට ජලය කාන්දු විමත් සමග පාසලෙන් ළමුන් ඉවත් කිරිමට එම විදුහලේ විදුහල්පතිවරයා පියවර ගෙන තිබුණා.

මේ අතර බගවන්තලාව කොටියාගල වතුයායේ පහල කොටසේ කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා කොටියාගලඔය පිටාර ගැලීමෙන් අවට පිහිටි වතු නිවාස කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා.

hasiniek
By hasiniek මාර්තු 16, 2023 18:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්