fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තේරීම් කමිටුවෙන් අසාධාරණයක් සිදුවූ බව ඕස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කියයි

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2023 18:57

තේරීම් කමිටුවෙන් අසාධාරණයක් සිදුවූ බව ඕස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කියයි

මීට පෙර ඉන්දීය තරඟ සංචාර තුලදී තම කණ්ඩායමෙන් අවශ්‍ය සහයෝගය තමන්ට ලැබුණේද යන්න දෙවරක් සිතා බැලිය යුතු බව ඕස්ට්‍රේලියානු සුපිරිම පිතිකරු උස්මාන් කවාජා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුවෙන් පවා තමන්ට යම් අසාධාරණයක් සිදු වූ බවයි.

නිමාව දුටු බ්‍රෝඩර් ගවස්කා තරඟාවලියේ වැඩිම ලකුණුලාභියා වූයේද ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු උස්මාන් කවාජායි.

එම තරඟාවලියෙන් අනතුරුව ඔහු සිය වේදනාකාරී හැගීම් කිහිපයක් මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබුණා.

ඔහු එහිදී සඳහන් කර ඇත්තේ මීට පෙර ඉන්දීයාව සමග තරඟ සංචාර දෙකකට සහභාගී වුවත් එහිදී තමන්ව වතුර ඇදීමට පමණක් යොදා ගැනීම කණගාටුදායක බවයි.

ඒ අවස්තාවේදී තමන්ට අවශ්‍ය සහයෝගය නොලැබුණු බව ඔහු ප්‍රකාශ කර තිබුණා.

ආසියාතික තණතීරු වන දඟපන්දු යවන්නන් හමුවේ තමන් විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කරන බවට දැඩි ලෙස විශ්වාස කරන බවද ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබුණා.

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2023 18:57

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්