Country | Buying | Selling | |
![]() ![]() | Dollar | 198.50 | 202.99 |
USA | |||
![]() ![]() | Pound | 273.27 | 282.08 |
UK | |||
![]() ![]() | Euro | 233.75 | 242.34 |
EU | |||
![]() ![]() | Yen | 1.79 | 1.86 |
Japan | |||
![]() ![]() | Yuan | 30.23 | 31.50 |
China | |||
![]() ![]() | Dollar | 144.54 | 150.86 |
Australia |
ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත ගැන මහා බැංකු අධිපතිගෙන් දේශනයක්
Related Articles
ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, අනුමත වීමෙන් අනතුරුව මෙය ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ වන පරිපාලන නීතිය වන බව මහා බැංකුව නිවේදනය කරනවා.
මේ වන විට මෙම පනත් කෙටුම්පත මහජන අදහස් සඳහා විවෘතව පවතින බවයි ඔවුන් දක්වා ඇත්තේ.
මෙම යෝජිත පනත් කෙටුම්පත පිළිබඳ සිංහල මාධ්‍යයෙන් ප්‍රසිද්ධ දේශනයක්, මහ බැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහත්මාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
එම දේශනයෙන් අනතුරුව දේශනයට සහභාගීවන්නන් හට මේ සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කිරීම සඳහා සම්පත් දායක මඩුල්ලක සහභාගීත්වයෙන් සාකච්ඡා වටයක් පැවැත්වීමටද නියමිතයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු විදු පියෙස මගින් සංවිධානය කරනු ලබන මෙම දේශනය 2023 මාර්තු මස 16 වන දින පස්වරු 2.30 සිට 4.30 දක්වා අංක 58, ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරිය යන ලිපිනයෙහි පිහිටි බැංකු විදු පියෙස ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා.
මේ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම දේශනය සඳහා සහභාගී විය හැකියි.