අද (15) උදෑසන සිට ක්රියාත්මක දුම්රිය වැඩ වර්ජනය නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය බිඳ වැටී තිබෙනවා.
අද උදෑසන සිට දකුණු කළුතර දුම්රිය ස්ථානයට තම රැකියා සහ වෙනත් ගමන් යාම සඳහා මගින් විශාල පිරිසක් රැඳී සිටි අතර එහිදී අද උදෑසන කාලයේ එක් දුම්රිය පමණක් මේ වන විට ධාවනය වන ආකාරය දැක ගන්නට ලැබුණා.
මේ නිසා කාර්යාලය සේවකයින් මෙන්ම මගින් ද දැඩි අපහසුතාවයට පත්ව තිබෙන ආකාරය දැක ගන්නට ලැබුණා.
මෙහිදී දුම්රි ස්ථානය දුම්රි ස්ථානය ආරක්ෂාවට දකුණු කළුතර පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් සහ සුනඛ යුද හමුදාව යොදවා තිබෙන ආකාරයත්පෙනී ගිය අතර අලුත්ගම සිට පැමිණි මන්දගාමී දුම්රියේ දුම්රිය මගීන් මගින් අනාරක්ෂිත ලෙස ගමන් කරන ආකාරය ද දැකගන්නට ලැබුණා.