fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2023 12:59

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පවත්වන පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තුව මගින් සැලසුම් කර දීපව්‍යාප්ත මධ්‍යස්ථාන 341ක දී 2023-03-25 දින පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම පරීක්ෂණයේ විභාග අපේක්ෂකයන් සඳහා ප්‍රවේශ පත්‍ර යැවීමට විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු යොදා ඇත.

මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල මත ජාතික සහ පළාත් පාසල්වල හිඟ ගුරු පුරප්පාඩු සඳහා අවශ්‍ය උපාධිධාරීන් ගණනය කර එම පුරප්පාඩු මත බඳවාගැනීම් සිදු කරනු ලැබේ. ඉන්පසු ඇති වන පුරප්පාඩු සඳහා පළාත් සභා මගින් වාර්ෂික ව උපාධිධාරීන් පළාත් පදනමින් බඳවා ගන්නා ක්‍රමවේදය අනුව බඳවා ගනු ලැබේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2023 12:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්