කටුනායක ගුවන් තොටුපළ පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුට පළා යාමට සහ රැකවරණය ලබා දුන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවේ සිටියදී පසුගිය 24 වනදා පළාගොස් තිබුණි.
ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීම, රැකවරණය සලසා දීම, ආහාර පාන පහසුකම් ලබාදීම ඇතුළු චෝදනා මත සෙසු සැකකරුවන් ඊයේ (13) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.