පසුගිය මාර්තු 7 වනදා රාත්රියේ වැල්ලම්පිටිය, කොටුවිල ප්රදේශයේ දී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මානවඩුගේ අසංක නොහොත් “පරිප්පුවා” නැමැත්තාව වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැල්ලම්පිටිය පොලීසිය සිදුකළ විමර්ශනයකට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය ප්රකාශ කළේ.
ඒ අනුව, ඝාතනය සිදුකිරීමට සැලසුම් කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී වෙඩිතැබීම සඳහා භාවිත කළ යතුරුපැදියේ පැදිකරු ද ඉහළ බෝමිරිය ප්රදේශයේ දී පොලිස්භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් අවුරුදු 28ත් 34ත් අතර වයස්වල පසුවන සැකකරුවන් තිදෙනා අද (13) අලුත්කඩේ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි