නවසීලන්තය ජයග්‍රහනයට ලකුණු 257 ක් පිටුපසින්
Related Articles
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රීකට් තරගයේ තම දෙවන ඉණිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබා සිටිනවා. ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉණිමේ දී සියලු දෙනා දැවි ලකුණු 302ක් රැස් කළා. ඒ අනුව තරගයේ ජයග්‍රහය සදහා නවසීලන්ත කණ්ඩායමට තවත් ලකුණු 257ක් ලබා ගත යුතුයි.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 355ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම තම ප්‍රථම ඉණිම සදහා රැස් කර ලකුණු සංඛ්‍යාව 373ක්. ඉන් අනතුරුව ලකුණු 18ක් පිටුපසින් තම දෙවන ඉණිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 302ක් රැස් කිරීමට සමත්වුණා. කලකට පසු ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන සුපිරි පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් එහිදී ලබා ගත් ලකුණු 115 ශ්‍රී ලංකා ඉණිම ශක්තිමත් කළා. ඒ අනුව ජයග්‍රහණය සදහා ලකුණු 285ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට කිසියම් පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට හැකි වීම විශේෂත්වයක්.
හෙට තරගයේ පස්වන සහ අවසාන දිනයයි.