පසුගිය වසර දෙකට සාපේක්ෂව මන්දපෝෂණයෙන් පෙළෙන ගර්භනී කාන්තාවන් හා ගැහැණු දරුවන්ගේ සංඛ්‍යාව සියයට 25කින් පමණ ඉහළ ගොස් ඇති බවයි යුනිසෙෆ් සංවිධානය නිවේදනය කරන්නේ.
ලොව දුප්පත්ම රටවල් ලෙස සැලකෙන සෝමාලියාව, ඉතියෝපියාව හා ඇෆ්ගනිස්ථානය ඉන් වැඩිම බලපෑමකට ලක්ව ඇති රටවල් ලෙසයි එම සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.
ලොව පුරා කාන්තාවන් හා නව යොවුන් වියේ පසුවන ගැහැණු දරුවන් බිලියනයකට අධික සංඛ්‍යාවක් මන්දපෝෂණයෙන් පෙළෙන බවද එහි සඳහන්.
ඔවුන්ට අවශ්‍ය ආහාර සපයා ගැනීම අපහසු වී ඇත්තේ යුද ගැටුම් හා කොරෝනා වසංගතය හේතුවෙන් බවද යුනිසෙෆ් සංවිධානය පවසනවා.