හිරණ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ අනියම් සැමියා විසින් අමානුෂික ලෙස පහර දී හත් හැවිරිදි ගොළු දැරියක් ඝාතනය කර තියෙබෙනවා
ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර හිරණ ලේක් විව් පදිංචිව සිටි බණ්ඩාරගම ගල්තුඩේ ධම්මකිත්ති ප්‍රාථමික විද්‍යාලයේ විශේෂ ඒකකයේ අධ්‍යාපනය හදාරන දැරිවියක්.
දැරියගේ ශරීරයේ සෑම ස්ථානයකම තැලුම් තුවාල දක්නට ඇති අතර කටින් හැපූ බවට සැක කරන දත් පහරවල් සහිත තුවාලයක් ද එක් පාදයක දක්නට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මීට සති තුනකට පමණ ඉහතදී දැරියගේ මව සහ දැරියව සැකකරු විසින් මවගේ නිවසට කැඳවාගෙන පැමිණ තිබූ අතර අනතුරුව දැරියට අමානුශික ලෙස පහර දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සැකකරුගේ පහර කෑම හේතුවෙන් දැරිය රෝගී තත්ත්වයෙන් දින කිහිපයක් තිස්සේ පසු වී ඇති අතර දරුවාව රෝහල් ගත කිරීමටත් මව හෝ මිත්තණිය කිසිදු උත්සාහයක් ගෙන නොතිබූ බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව සඳහන්.
දැරිය අද (07) උදෑසන සිට අසාධ්‍ය තත්ත්වයෙන් පසුවී නිවසේ කාමරයක බිම දමන ලද පැදුරක් මත මිය ගොස් සිටි බවයි පොලිසිය පැවසුවේ
අදාළ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන ති අතර 29 හැවිරිදි එම සැකකරු පානදුර මල්හේල්ස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.