ශ්‍රී ලංකේය නම බැබලවූ නිරූපණ ශිල්පිනී සඳලි දිවයිනට
Related Articles
ඊජිප්තුවේ කයිරෝ නුවර පැවති 29 වැනි ” ලෝක නිරූපණ ශිල්පිනී – 2023 ( Top Model Of The World – 2023 ) තරගාවලියේ දී තුන් වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනී සදළි පීරිස් මෙනවිය 03/07 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
මෙම තරගාවලිය ඉකුත් පෙබරවාරි මස 20 දින සිට මෙම මාර්තු මස 03 දක්වා , ලෝකයේ රටවල් 42 ක නිරූපණ ශිල්පිනියන්ගේ සහභාගීත්වයෙන් පැවැත් තිබුණා.
22 හැවිරිදි සදළි පීරිස් මෙනවිය කොළඹ ජාත්‍යන්තර අධ්‍යාපනික ආයතනයක ” බැලේ ” නර්තන උපදේශිකාවක්.
ඇය මෙම ජයග්‍රහණ රැගෙන 03/07 දින උදෑසන 08.30 ට බහරේන් නුවර සිට ගල්ෆ් ගුවන් සේවයේ ජී.එෆ්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.