අද දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සදහා පොලීසිය වාරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා. ඒ කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන්.
මෙම විරෝධතා පාගමන වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස කොටුව, කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය පොලීසි අධිකරණයෙන් ඉල්ලා තිබුණා. ඒ අනුව විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්යංශය හෝ ගාලුමුවදොර පිටියට ඇතුළුවීම හෝ පොදු දේපලවලට හානි නොකළ යුතු බවට අධිකරණය නියෝගයක් නිකුත් කළා. සාමකාමීව උද්ඝෝෂණය කළ හැකි වුවත් කළහකාරී ලෙස හැසිරෙමින් රාජ්ය දේපලවලට හානි සිදුකළ නොහැකි බවයි වාරණ නියෝගයේ දැක්වෙන්නේ. ජනතාවට සහ වාහනවලට අවහිරයක් වන පරිදි ක්රියා නොකරන ලෙස ද අවධාරණය කර තිබෙනවා. එම නියෝග පිළිපදින්නේ නැතිනම් දණ්ඩනීති සංග්රහය, පොලිස් ආඥා පනත, මංමාවත් පනත සහ මැතිවරණ පනත යටතේ උද්ඝෝෂණකරුවන්ට එරෙහිව ක්රියා කරන ලෙස අධිකරණය පොලීසියට ද නියෝග කළා.