නිරිතදිග පකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ආරක්ෂක නිලධාරීන් 9 දෙනෙකු මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම පිපිරීම සිදුව ඇත්තේ උත්සවයකට සහභාගි වී නිලධාරීන් ක්වෙටා ප්‍රාන්තයේ අගනුවර වෙත පැමිණෙමින් සිටියදීයි.
පැය 24ක් ඇතුළත එම ප්‍රාන්තයේ ආරක්ෂක අංශ වෙත එල්ල වූ දෙවැනි ප්‍රහාරය මෙයයි. මෙතෙක් කිසිදු කණ්ඩායමක් වගකීම භාරගෙන නැහැ.
එය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බව Kachhi දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස් කොමසාරිස් Sami Aga තහවුරු කළා.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ප්‍රහාරකයා යතුරුපැදියක් ට්‍රක් රථයට ගැටීමෙන් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවයි.