දකුණු පළාතේ කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ අක්කර 33.5ක භූමි වපසරියක පිහිටා ඇති කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින කරන්දෙනිය කර්මාන්ත පුරයේ නිරීක්ෂණ චාරිකාවකට කර්මාන්ත හා වැවිල් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පසුගියදා එක් විය.
මෙම කර්මාන්ත පුරය තුළ වානිජ නිෂ්පාදන කටයුතු කරනු ලබන කර්මාන්ත 13 ක් , ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන කර්මාන්ත 3 ක් , ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත කර්මාන්ත 1 ක් ලෙස පවතින අතර සේවා නියුක්තිය 1000 කට ආසන්නය.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී කර්මාන්තකරුවන්ට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර ඒවා කඩිනමින් විසදීමට අවශ්‍ය පියවරයන්ද ගෙන තිබේ. කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු නිලධාරින් , කර්මාන්තකරුවන් සහ ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය මෙම අවස්ථාවට එක්ව සිටියහ.