ගුවන් හමුදා පැපැදි සවාරිය ඇරඹෙයි
Related Articles
24 වෙනි වතාවට පවත්වන ගුවන් හමුදා පැපැදි සවාරිය ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් අද ආරම්භ වුණා.
එහි ආරම්භක සංඛ්‍යාව නිකුත් කළේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතායි.
මෙම පාපැදි සවාරයට ගුවන් හමුදා ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩකයන් 164 දෙනෙකු සහභාගී වනවා.
ඉන්දීය කණ්ඩායමක්ද මෙවර තරගාවලියට එක්ව සිටීම විශේෂත්වයක්.
පාපැදි සවාරියේ පළමු දිනය වන අද කොළඹ සිට පල්ලේකැලේ ක්‍රීඩාංගනය දක්වා කිලෝමීටර් 166 ක් ධාවනය කිරීමට නියමිතයි.
හෙට දිනයේ පල්ලේකැලේ සිට කදුරුවෙල දක්වා කිලේමීටර් 146 ක් ද කදුරුවෙල සිට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනය දක්වා කිලෝමීටර් 132 ක් අනිද්දා දිනයේද ධාවනය කිරීමෙන් පාපැදි සවාරිය අවසන් කෙරෙනු ඇති.
ඊට සමගාමීව ලබන 04 වනදා කාන්තා පාපැදි සවාරිය ද හබරන සිට සල්ගාදු ක්‍රීඩාංගනය දක්වා පැවැත්වීමට නියමිතයි.