ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ගෝලීය දේශගුණය සහ ආර්ථිකය පිළිබඳ සම්මන්ත්‍රණයට අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහභාගීවේ.
ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් සහ ජල සම්පාදන හා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා අද දින ඉන්දියාවේ නිල සංචාරයක නිරත වේ.
අමාත්‍යවරයා ගෝලීය දේශගුණය සහ ආර්ථිකය සම්බන්ධයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර හෙට දින පැවැත්වෙන (රයිසිනා කතිකාව) සමුළුවට සහභාගි වීමටයි.
මෙම සමුළුවට අමතරව මාර්තු 03 වැනිදා පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡාවකට ද අමාත්‍යවරයා සහභාගී වීමට නියමිතය.
ඒ අනුව අමාත්‍යවරයා ලබන 04 වැනිදා දක්වා ඉන්දියාවේ රැඳී සිටින අතර මෙම සංචාරයට ශ්‍රී ලංකා දූත පිරිසේ සභාපතිත්වය දරන්නේ විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසිනි.
මෙම සමුළුව මාර්තු 2 වැනිදා සිට 4 වැනිදා දක්වා පැවැත්වේ.