ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දුරදර්ශී විශිෂ්ඨ වැඩ පිළිවෙල හේතුවෙන් මෙරට ජනතාවගේ ආහාර වියදම සීඝ්රයෙන් පහත බසිමින් පවතින බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා පවසනවා.
2022 වසරේ මේ රටේ ආහාර හිඟය 64.4 % ක් ලෙස වාර්තා වුවද, එය මේ වන විට 60.1 % දක්වා පහත වැටී ඇති බවත්, එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පරිණත මෙන්ම විශිෂ්ඨ නායකත්නය නිසා සිදුව ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
උඩරට වතුකරයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානවල රැකවරණ ලබන දරුවන්ට පෝෂණය ලබා දීමේ වැඩසටහනට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ .
මෙහි සමාරම්භක උත්සවය නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාණ්ඩී රාමේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පුඬළුඔය, පෙයාලන්ස් වත්තේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ඊට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා මේ බව ප්‍රකාශ කළා.
එහෙදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා
උඩරට වතුකරයේ ළමා සුරැකුම් මධ්‍යස්ථාන 1300 ක් පමණ තිබෙනවා.
බාල වයස්කාර දරුවන් 23000 ක් පමණ ඒවායේ සිටිනවා.
එම පිරිස ඉලක්ක කර ගනිමින් අපේ අමාත්‍යංශය යටතේ පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැළැසුම් කොට තිබෙනවා.
මන්ද පෝෂණය කඳුකරයේ දරුවන් අතර තිබෙන ප්‍රබල ගැටළුවක්.
ඒකට විසඳුම් විදිහට තමයි අප මෙම ව්‍යාපෘතිය ආරම්භ කොට ඇත්තේ.
මෙරටේ උද්ධමනයද විශාල ලෙස අඩු වෙමින් පවතිනවා.
57.4 % ක් වු උද්ධමනය මේ වනවිට 54.4 % ක් ලෙස අනුපාතය අඩුව තිබෙනවා.
මේ හේතුවෙන් ඉදිරියේදී මෙරට භාණ්ඩ මිළ විශාල ලෙස අඩු වේවී යයි කියා අපේක්ෂා කරනවා.
ආහාර උද්ධමනය ඉහළ යාම කඳුකරයේ ජනතාවට දැඩි බලපෑමක් එල්ල කොට තිබෙනවා.
එබැවින් මෙම වැඩපිළිවෙල ඔවුන්ට යම් සහණයක් ගෙන දෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
ලෝක බැංකුව සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳව රාජ්‍ය අමාත්‍යංශය මෙම පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදුන් සහයෝගයට ජනතාව වෙනුවෙන් මාගේ කෘතඥතාවය පළ කර සිටිනවා.
උඩරට වතුකරයේ ක්‍රියාත්මක මෙම වැඩසටහන මාස හයක කාලයක් ක්‍රියාත්මක කරනවා යයි කීවාට එය මෙරටේ ස්ථිර වැඩසටහනක් බවට පත් කිරීමට මා උත්සාහ ගන්නවා.
මෙම වැඩසටහන සාර්ථක කරගෙන යාමට අවසර ලබාදුන් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ පරිපාලන වශයෙන් සහාය දැක්වු සියලුම දෙනාට මම ස්තුතිය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා යයිද අමාත්‍යවරයා පැවසුවා.