රට වැටී සිටි තත්ත්වයෙන් ගොඩට ගෙන මෙවැනි තත්ත්වයකට ගෙන ආවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා. ඉතිරි වැඩ කොටස ඉටු කිරිමට ජනාධිපතිවරයා කැපවී සිටින බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් විශේෂ තරුණ සමුළුවට එක්වෙමිනුයි සාගල රත්නායක මහතා මේ බව කියා සිටියේ. එක්සත් ජාතික පක්ෂ සිරිකොත මුලස්ථානයේ දී පැවැත්වුණු සමුළුවට තරුණ , තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියා. එමෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/OKWte2chA-E”]