fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාගල , බැංකු ප්‍රධානීන් හමුවෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2023 18:01

සාගල , බැංකු ප්‍රධානීන් හමුවෙයි

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (28) දහවල් ජනාධිපති කාර්යාලයේදී බැංකු ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

රජය ගෙන යන වැඩපිළිවෙළට බාධා එල්ල නොවන ලෙස සහ ගනුදෙනුකරුවන් අපහසුතාවට පත්නොවන ලෙස බැංකු කටයුතු පවත්වාගෙන යෑමට ගතයුතු පියවර පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්කර ඇති බවයි සඳහන් වුණේ.

එමෙන්ම රට තුළ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් රජය පුළුල් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී ඇති මේ මොහොතේ බැංකු පද්ධතිය අකර්මණ්‍ය බවට වූ පණිවිඩය ජාත්‍යන්තරයට යෑම රටට යහපත් තත්ත්වයක් නොවන බව සාගල රත්නායක මහතා පෙන්වා දී තිබෙනවා.

බැංකු සේවක සේවිකාවන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනු ලබන අවස්ථාවලදී, වැඩවර්ජන සිදු කරන දිනයේ දී යතුරු භාර දීම, රන් ආභරණ ඇතුළත් සේප්පුවල යතුරු භාරදීම ආදි විධිවිධාන ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවද හෙට දිනයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ බැංකු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදාළව එවැන්නක් සිදුව නොමැති බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය වූ බව සඳහන්.

සිය ගනුදෙනු කරුවන් වෙනුවෙන් හෙට (01) දිනයේ දී ද උපරිම සේවාවක් සැලසීමට තම බැංකු සූදානම් බව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සභාපතිවරු අවධාරණය කළ අතර රටේ ආර්ථිකය ගොඩනැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් නොකොට ඊට සහාය ලබා දීම සියලු රාජ්‍ය සේවකයන්ගේ වගකීම වන බවත් ඒ වෙනුවෙන් බැංකු සේවකයන් ද තම වගකීම ඉටු කරනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කළ බවයි සාගල රත්නායක මහතා සිය නිල FACEBOOK පිටුවේ දක්වා තිබුණේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2023 18:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44