fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊලෝන් මස්ක් නැවතත් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2023 16:07

ඊලෝන් මස්ක් නැවතත් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි

ලොව ධනවත්ම පුද්ගලයින් අතර පළමු ස්ථානයට නැවත වරක් සුප්‍රකට ව්‍යාපාරික ඊලෝන් මස්ක් පත්ව තිබෙනවා.

ටෙස්ලා සමාගමේ කොටස් 100%කින් පමණ ඉහළ යාමත් සමග ඊලෝන් මස්ක් ලොව ධනවතුන් අතර පළමු ස්ථානයට පත්වු බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරනවා.

පසුගිය දෙසැම්බර් මාසයේ දී බර්නාඩ් ආර්නොල්ඩ් ලොව ධනවත්ම පුද්ගලයින් අතර පළමු ස්ථානයේ පසු වුවා.

ඊයේ දිනය වන විට ඊලෝන් මස්ක්ගේ මුලු වත්කම් ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 187.1ක් ලෙස සටහන් වු අතර බර්නාඩ් ආර්නොල්ඩ්ගේ මුලු වත්කම් ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 185.3ක් ලෙසයි වාර්තා වුයේ.

කෙසේ වුවද පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් අතර කාලය තුළ දී ඊලෝන් මස්ක්ගේ මුළු වත්කම් ප්‍රමාණය බිලියන 200කින් පමණ පහත වැටුණා.

ටෙස්ලා, ස්පේස් එක්ස්, ට්විටර් හා පේපෑල් ඇතුළු ලොව ඉහළ පෙලේ සමාගම් රැසක හිමිකරුවන්නේ ඊලෝන් මස්ක්.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2023 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්