Country | Buying | Selling | |
![]() ![]() | Dollar | 198.50 | 202.99 |
USA | |||
![]() ![]() | Pound | 273.27 | 282.08 |
UK | |||
![]() ![]() | Euro | 233.75 | 242.34 |
EU | |||
![]() ![]() | Yen | 1.79 | 1.86 |
Japan | |||
![]() ![]() | Yuan | 30.23 | 31.50 |
China | |||
![]() ![]() | Dollar | 144.54 | 150.86 |
Australia |
කෘෂිකර්මාන්තයට ඉංජිනේරුමය දැනුම
Related Articles
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ඉංජිනේරුමය දැනුම ලබා දීම සඳහා මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශය හා ජාතික හදබිම අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර මහතා හා රෝෂාන් රණසිංහ මහත්වරු ද, ජාතික හදබිම අධිකාරියේ සභාපති සරත් විතාන හා මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශයේ සභාපති ඉංජිනේරු අතුළ ගල්කැටිය යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගී වූ බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම ගිවිසුම යටතේ දැනට ජාතික හදබිම අධිකාරිය යටතේ පවතින පල්ලෙකැළේ හා කොත්මලේ ගොවිපොළ දෙක සංවර්ධනයට අවශ්‍ය පියවර ගනු ඇති.
පල්ලේකැළේ ගොවිපොළ ගොවිපොළ කුකුළු ගොවිපොළක් ලෙස පවත්වාගෙන යන අතර එහි දැනට දෛනික බිත්තර රක්කවන ධාරිතාවය 6000ක් .
එම ප්‍රමාණය 36,000 දක්වා ඉහළ නැංවීමත්, 700 වන මව් කිකිළි නිෂ්පාදන ප්‍රමාණය 3000ක් දක්වා ඉහළ නැංවීම, වාර්ෂික බිත්තර නිෂ්පාදනය 60,000 සිට 250,000 දක්වා ඉහළ නැංවීමත් අරමුණ වී තිබෙනවා.
එමෙන්ම දැනට මෙහි වාර්ෂික කිකිළි පැටවුන් නිෂ්පාදනය 20,000ක් වන අතර එය ලක්ෂ 02ක් දක්වා ඉහළ නැංවීමට ද යෝජනා කර තිබෙනවා.
එමෙන්ම කොත්මලේ ගොවිපොල එලවළු හා පලතුරු නිෂ්පාදනය සඳහා යොදා ගැනීමටත්, මෙම කටයුතු සඳහා CECB ආයතනයේ තාක්ෂණික දැනුම හා ආයෝජනමය හැකියාව යොදා ගැනීමත් අරමුණු කර ගෙන ඇති බව සඳහන්.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා-
අද රටේ අර්බුදයක් තිබුනත් මෙම ආර්බුදකාරී තත්ත්වය ලබන අප්‍රේල් මාසයෙන් පසුව යම් මට්ටමකට ස්ථාවර තත්ත්වයකට පැමිණීමට ඉඩකඩ තිබෙනවා. රජය වශයෙන් ඒ ගැන අපිට විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ආධාර ලැබීමත් සමග ජාත්‍යන්තර ආයතන රැසක් අපේ රටට සහයෝගය පළ කිරීමට පැමිණෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙන්ම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය, USAID, UNDP වැනි ආධාර ලබා දෙන ආයතන රැසක සහන මේ රටට ලැබෙනවා.
එපමණක් නොවෙයි. දැනට මෙම CECB ආයතනය විසින් සිදු කරන ලද ඉදි කිරීම් රැසක් අතරමඟ නැවතී තිබෙනවා. රජය විශාල මුදලක් මෙම ආයතනයට ණයයි. නමුත් ලබන වසරේ දී අපි ජපානය අපිට ලබා දුන් මොනෝරේල් ව්‍යාපෘතිය නැවතත් අරඹනවා. එවැනි තවත් ඉදිකිරීම් කර්මාන්තයට වැදගත් අදිවේගී මාර්ග වයාපෘතිත් අපි නැවතත් අරඹනවා.
දැනට අපේ රටේ ජනතාවට ජීවත්වීම සම්බන්ධව ගැටලුවක් පවතිනවා. නමුත් මෙම තත්ත්වය දිගටම පවතින්නේ නැහැ. මේ වසරේ දී අපිට සහලින් ස්වයංපෝෂණය විය හැකියි. ඒ වගේම මුං ඇට, කව්පි, තල , හා රටකජු වැනි බෝග රැසකින් අපි ස්වයංපෝෂිත මට්ටමට එනවා. ඒ වගේම සංචාරක කර්මාන්තයට අවශ්‍ය බාස්මතී සහල් හැර වෙන කිසිදු සහල් වර්ගයක් අපි ආනයනය කරන්නේ නැහැ. මේ රටට අවශ්‍ය සහල් ආනයනය කරන්නට සිදු වුනේ එකරැයින් කාබනික පොහොර හඳුන්වා දීමට ගත් අසාර්ථක කෘෂිකාර්මික ප්‍රතිපත්තිය නිසායි.
ඒ වගේම මේ දවස්වල වී ගොවීන්ට තම නිෂ්පාදන සඳහා හොඳ මිලක් නැති බව පවසනවා.
ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩලය සහල් හා වී මත අය කළ සමාජ ආරක්ෂණ බද්ද ඉවත් කළා.
ඒ අනුව එහි වාසිය ගොවි ජනතාවට ලබා දීම රජයේ අරමුණයි.
අපේ ඉළක්කය අපිට අවශ්‍ය සෑම දෙයක්ම අපේ රට තුළම වගා කර ගැනීමයි. ඒ සඳහා රජය පූර්ණ දායකත්වය පළ කරනවා.
මෙහිදී අදහස් පළ කළ වාරිමාර්ග හා තරුණ කටයුතු අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා-
අපි තවමත් ජපාන වෙළෙද පොලෙන් නිසි ප්‍රයෝජනය ගෙන නැහැ. අපේ රටේ නිෂ්පාදන රැසක් අපිට ජපාන වෙළෙඳ පොලට යැවිය හැකියි. මම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ඉල්ලා සිටිනවා ජපානයට යැවිය හැකි කෘෂි බෝග සදහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස. ඒ වගේම ජපානයේ විශාල රැකියා වෙළෙද පොලක් තිබෙනවා. රැකියාවන් සඳහා මිලියන 03ක පමණ මිනිස් ශ්‍රම හිඟයක් එම රටේ තිබෙනවා. ඒ නිසා CECB ආයතනයට එම අභියෝගය බාර ගත හැකි නම් අපේ රටට විදේශ විනිමය එමගිනුත් සපයා ගැනීම අසීරු නැහැ.