fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වීදියබණ්ඩාර රජ්ජුරුවන්ගේ නිදන් මුට්ටියක් ගන්න ගිය දෙදෙනාට වැඩ වරදී

hasiniek
By hasiniek පෙබරවාරි 28, 2023 10:01

වීදියබණ්ඩාර රජ්ජුරුවන්ගේ නිදන් මුට්ටියක් ගන්න ගිය දෙදෙනාට වැඩ වරදී

වීදියබණ්ඩාර රජ්ජුරුවන්ට අයත් බවට කියන රන් රිදී මුතු මැණික් අඩංගු නිදන් මුට්ටියක් ගොඩගැනීම සඳහා වීදියගොඩ හාලපිටිය කිරිමැටියාවල කුඹුරුයායේ ස්ථානයක් හාරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසනවා

එම සැකකරුවන් සතුව තිබී කළුගල් කැඩීමට යොදා ගන්නා උපකරණයක් , ජලය ඉසීම සඳහා යොදා ගත් මෝටරයක් ,වයර් තොගයක් , සහ ප්ලාස්ටික් බටයක් ඇතුළු උපකරණ රැසක් පොලිස් බාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අනවසරයෙන් විදුලිය ලබාගෙන නීති විරෝධී කටයුත්තක පුද්ගලයන් පිරිසක් නිරත වන බවට මොරගහහේන පොලීසියට ලද තොරතුරකට අනුව එම වැටලීම සිදු කර තිබුණා.

වැටලීම කරන අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා කුඹුරු යාය මැද කැලෑවෙන් වටවූ ප්‍රදේශයක පිහිටි ගල්තලාවක අඩි අටක් පමණ උමගක් හාරා තිබූ බව පොලිසිය කියා සිටියා

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී දින හතරක් තිස්සේ මෙම ස්ථානයේ කැණීම් කළ බවත් ,රන් රිදී මුතු මැණික් අඩංගු වූ මුට්ටියක් මෙම ස්ථානයේ තිබෙන බවට තම මුතුන් මිත්තන්ගේ කාලයේ සිට ප්‍රසිද්ධ කරුණක් බවට පත්ව තිබූ බැවින් එය ලබා ගැනීම සඳහා ලබාගැනීම සඳහා මෙලෙස කටයුතු කළ බවත් ප්‍රකශ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හාලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්

සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

hasiniek
By hasiniek පෙබරවාරි 28, 2023 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්