fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රේගුවේ වැඩ කඩිනම් කරන්න කමිටුවක්

hasiniek
By hasiniek පෙබරවාරි 28, 2023 09:52

රේගුවේ වැඩ කඩිනම් කරන්න  කමිටුවක්

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන තිබෙන භාණ්ඩවලට අදාළව පවත්වනු ලබන පරීක්ෂණ හා විමර්ශන කඩිනම් කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් පත් කර තිබෙනවා.

අදාළ ක්‍රියාවලීන් නිම කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බැවින් එකී භාණ්ඩවලට හානි වීම හා විනාශවීම ඇතුළු බොහෝ ආර්ථික පාඩු සිදුවන බැවින් මෙම තීරණය ගත් බවයි සඳහන් වන්නේ.

එම කමිටු සාමාජිකයින් පහතින්..

*වරයා, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා

*වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා

*මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා

*ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා

*මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා

 

hasiniek
By hasiniek පෙබරවාරි 28, 2023 09:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්