fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනුර කුමාර ඇතුළු 26කට අධිකරණ නියෝගයක්

hasiniek
By hasiniek පෙබරවාරි 26, 2023 11:14

අනුර කුමාර ඇතුළු 26කට අධිකරණ නියෝගයක්

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකුට අද (26) දිනය තුළ උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඉහත නම් කළ සියලුදෙනාට හා උද්ඝෝෂකයින්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටිය පරිශ්‍රය ඇතුළු නම් කරන ලද ස්ථාන කිහිපයකට ඇතුළුවීමෙන් වළකින ලෙස ද අධිකරණය දැනුම් දී ඇති බව සඳහන්.

අද පස්වරු 1 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ දී කොටුව පොලිස් වසමට අදාළ මාර්ගවල අවහිරතාවක් සහ මාර්ගවල ගමන් ගන්නා වාහනවලට බාධා කිරීම් නොකරන ලෙසට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් අධිකරණ අඥාවක් නිකුත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළා .

කළහකාරී ලෙස හැසිරෙමින් රාජ්‍ය දේපළවලට හෝ මහජනතාවට හානි සිදු කරන්නේ නම් දණ්ඩ නීති සංග්‍රහය, පොලිස් ආඥා පනත, මංමාවත් පනත හා මැතිවරණ පනත යටතේ ක්‍රියාකරන ලෙසයි අධිකරණය විසින් පොලිසියට උපදෙස් ලබා දී ඇත්තේ.

hasiniek
By hasiniek පෙබරවාරි 26, 2023 11:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්