fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව ණය ක්‍රියාවලියක් අවශ්‍යයි – IMF ප්‍රධානි

hasiniek
By hasiniek පෙබරවාරි 26, 2023 11:00

නව ණය ක්‍රියාවලියක් අවශ්‍යයි – IMF ප්‍රධානි

ශ්‍රී ලංකා වැනි රටවලට නව ණය ක්‍රියාවලියක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටිනා ජෝර්ජිවා පවසනවා.

ඉන්දියාවේ පැවති ජී 20 සමුළුවෙන් අනතුරුව අදහස් දක්වමිනුයි ඇය මේ බව ප්‍රකාශ කර තිබුණේ.

පවතින රාමුවෙන් ආවරණය නොවන ශ්‍රී ලංකාව සහ සූරිනාම් වැනි රාජ්‍යයන්වලට නව ණය නිරාකරණ ක්‍රියාවලියක් හදුන්වාදිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජිවා මහත්මිය පෙන්වා දෙනවා.

ණය ගැටලු සම්බන්ධයෙන් සංවාද සහ සහයෝගීතාව වැඩි දියුණු කර ගැනීම කළ යුතු බවත් ජෝර්ජිවා වැඩිදුරටත් පවසා තිබෙනවා.

කොවිඩ් තත්ත්වය නිසා බොහෝ රටවල ආර්ථිකයන් අස්ථාවරත්වයට පත්වු බවත් ඒ ඒ රටවල ණය ගෙවීම් පිළිබඳ ගැටලු පැන නැගී ඇති බවත් ඇය මෙහිදි වැඩිදුරටත් සඳහන් කලා.

යුක්රේන රුසියා යුද්ධය හේතුවෙන් ද ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා.

චීනය තවමත් ශ්‍රී ලංකාවට අයි එම් එෆ් ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් වන නිළ සහතිකය ලබා දී නැහැ.

සීමිත ප්‍රතිපත්ති අවකාශයන් තිබෙන විශාල සංවර්ධන අවශ්‍යතා තිබෙන අඩුආදායම්ලාභී රටවල් ඉදිරියේ දී විශේෂයෙන් අවධාමනට ලක්විය හැකි බව ද ජෝර්ජිවා මෙහිදි අවධාරණය කළා.

පවත්නා තත්ත්වය හේතුවෙන් බොහෝ රටවලට ඉදිරියේ දී ඉහළ යන ණය අවධානම නිසා ණය නිරාකරණයට හා ණය ගෙවීමේ කාර්යක්ෂමතාව වැඩි කිරිමට ඒ ඒ රටවල් වල ආරම්භ කළ සැලසුම් තමන් අගය කරන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටිනා ජෝර්ජිවා තවදුරටත් සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

hasiniek
By hasiniek පෙබරවාරි 26, 2023 11:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්