දුම්රියේ ගමන්කළ විදෙස් ජාතික කාන්තාවකට සෙරෙප්පුවකින් පහරදුන් බවට අත්අඩංගුවට ගත් 28 හැවිරිදි සැකකරු ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
බණ්ඩාරවෙල සිට ඇල්ල දක්වා දුම්රියක ගමන්කළ සංචාරක විදේශීය කාන්තාවකට සෙරෙප්පුවකින් පහරදෙන වීඩියෝවක් පසුගිය 22 වනදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා
එම සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන සැකකරු පසුගිය 23 වනදා පෙරවරුවේ බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා .