ITN සූර්ය මංගල්‍යයේ අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ පළමු වටයේ තරග අද ITN පරිශ්‍රයේදී පැවැත්වුණා. ඊට තරුණ තරුණියන් විශාල පිරිසක් දැඩි උනන්දුවකින් පැමිණ සිටියා.
පෙරවරුවේ පැවැත්වුණේ අවුරුදු කුමරිය තේරීමේ පළමු වටයේ තරගයි. ආයතනයට ලැබුණු ඉල්ලුම්පත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව දෙදහසක පමණ පිරිසක් මූලික වටය සදහා කැඳවා ගැනුණා. ප්‍රවීන රංගන ශිල්පිනී ගයත්‍රි ඩයස්, ප්‍රවීන රූපලාව්‍ය ශිල්පිනී ප්‍රසන්න කොළඹ ආරච්චි, රංගන ශිල්පී චානුක ප්රබුද්ධ, රංගන ශිල්පිනී අනුරාධා එදිරිසිංහ මෙන්ම ස්වාධීන රූපවාහිනි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා මහතාද විනිශ්චය සදහා එක්ව සිටියා. පස්වරුවේයි අයිටීඑන් අවුරුදු කුමරා තේරීමේ තරගයේ මූලික අදියර පැවැත්වුණේ.