නයිජීරියාවේ ජනාධිපතිවරණය අද පැවැත්වෙනවා. නයිජීරියාව අප්‍රිකා මහද්වීපයේ විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්‍ය ලෙසයි සැළකෙන්නේ.
නයිජිරියා ජනාධිපතිවරණය සදහා වලංගු ඡන්ද දායකයන් සංඛ්‍යාව මිලියන 93.4 ක් වනවා. මෙවර ජනාධිපතිවරණ සදහා අපේක්ෂකයන් 18 දෙනෙකු තරග වදිනවා.
මෙවර ජනාධිපතිවරණයේදී පාලක පක්ෂයට අවාසිසහගත තත්ත්වයක් ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ. වර්තමාන ජනාධිපතිවරයා තම මැතිවරණ පොරොන්දුව වන බොකෝහරාම් සංවිධානය මර්දනය කිරීමට අසමත්වීම ඊට ප්‍රධාන හේතුව වනවා.
බොරතෙල් නිෂ්පාදනය තිබුණද මහබැංකු ප්‍රතිපත්තිය හේතුවෙන් රට පුරා ඇතිව තිබෙන ආර්ථික අර්බුදය ද පාලක පක්ෂයට අවාසිසහගත ලෙස බලපා ඇති බවයි විදෙස් විචාරකයන් පවසන්නේ.
1999 වසරේ සිටම නයිජීරියාවේ බලය පක්ෂ දෙකක් අතර හුවමාරු වූ අතර මේ වන විට එම පක්ෂ දෙකට අමතරව තුන්වන පක්ෂයක්ද ඉදිරියට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
ප්‍රධාන පක්ෂ දෙකට අමතරව කම්කරු පක්ෂයේ පීටර් ඕබි මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට බොහෝ ඉඩප්රස්ථා ඇති බව විදෙස් පුවත් වාර්තා කරනවා.