fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට රෝහල්වලට ජපානයෙන් ඩීසල්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2023 17:33

මෙරට රෝහල්වලට ජපානයෙන් ඩීසල්

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ අඛණ්ඩවම පෙනී සිටින බව මෙරට ජපන් තානාපති මිෂුකොෂී හිදෙයිකි මහතා පවසනවා.

මෙරට ජනතාව මුහුණපා සිටින ආර්ථික අර්බුදය විසදීමේදී සැබෑ මිතුරෙකු ලෙස ජපානය කටයුතු කරන බවයි ඒ මහතා කියා සිටියේ. ජපාන තනාපති නිල නිවසේදී පැවති ජපන් ජාතික දින සැමරුම් උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කතානායක මහින්ද යාපා අබේවර්ධන,  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් සැමරුම් උත්සවයට එක්ව සිටියා. කොළඹ පිහිටි මෙරට ජපාන තානාපති මිෂුකොෂී හිදෙකි මහතාගේ නිල නිවසේ පැවති උත්සවයට මැති ඇමතිවරුන්, අගවිනිසුරුවරයා, ආරක්ෂක ප්‍රධානීන් ද සහභාගී වුනා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා මෙන්ම රාජ්‍ය ආයතන රැසකම ප්‍රධානීන් ඊට එක්ව සිටියා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,

ශ්‍රී ලංකාව සහ ජපානය අතර  ඓතිහාසික සම්බන්ධයක් පවතිනවා. දෙරටේ ජනතාව අතර මෙන්ම වෙළද ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර රැසකින් දශක ගණනාවක් ඈතට දිවෙන ශක්තිමත් සම්බන්ධයක් පවතිනවා. 70 වසරක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඔස්සේ ජපානය ශ්‍රීලංකාවට බොහෝ උපකාර කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංවර්ධන හවුල්කරුවෙකු ලෙස ජපානය ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරනවා. ආර්ථික අර්බුදක් ඇති වී තිබෙන මෙම අවස්ථාවේදී ජපානයෙන් ලැබෙන සහාය අතිශ්‍යයින්ම අගය කර සිටිනවා.

ජපාන තානාපති,

පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ ජනතාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. පෙර නොවූ විරූ ආකාරයට මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවුනා. එම අවස්ථාවේදී ජපානය ශ්‍රී ලංකාව සමඟ මිත‍්‍රත්වයෙන් සිටගත්තා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතා ඇති කර ගැනීමේදී ද ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් දැඩිව පෙනී සිටිනවා. 2022 වසරේදී පමණක් ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 100 කට වැඩි ආධාර ලබා දී තිබෙනවා. එය වාර්ෂිකව ලබා දුන් වැඩිම අධාර ප‍්‍රමාණයයි. ශ්‍රී ලංකාවේ රෝහල්වලට අවශ්‍ය ඞීසල් ලබා ගැනීම සඳහා ඇ.ඩො.මි 46 ක ආධාර ලබා ගැනීමට අප ගිවිසුම් අත්සන් කළා. වසර 70 කට වැඩි රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව හා ජපානය තම මිත‍්‍රත්වය තව තවත් වැඩිදියුනු කර ගන්නවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ ජාතික රූපවාහිනිය ඔස්සේ ජපාන සංස්කෘතිකය විදහා දැක්වෙන ආකාරයේ ටෙලි නාට්‍ය දෙකක් විකාශය කිරීමට පියවර ගෙන තිබෙනවා. ස්වාධීන රූපවාහිනිය ඔස්සේ මිනෙකෝ නාට්‍ය මාලාව පසුගිය 13 වනදා සිට ආරම්භ වුණා. 1960 දශකයේ ජපානය පාදක කර ගනිමින් නිර්මාණය වී තිබෙන මෙම ටෙලි නාට්‍යයෙන් තම පියා සොයා යන තරුණ ගැහැණු ළමයෙකු මුහුණ දෙන අභියෝග විග‍්‍රහ කෙරෙනවා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2023 17:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්