මාසයකදී ත්‍රීරෝද රථ 5 ක් සොරකම් කළ අයෙකු අල්ලයි
Related Articles
මාසයක පමණ කාලයකදී රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා ත්‍රීරෝද රථ 5 ක් සොරා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මිරිහාන නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
තලංගම , කඩුවෙල , කොටුව , කිරිබත්ගොඩ හා ගෑන්ඩ්පාස් යන ප්‍රදේශවලින් එම ත්‍රීරෝද රථ සොරාගෙන ගෙන තිබෙනවා.
මිරිහාන පිටකෝට්ටේ හන්දියේ දී හොරොයින් මත්කුඩු ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරකම් රැසක් අනාවරණ වූ බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මීට සති දෙකකට පමණ ඉහත දී තලංගම ප්‍රදේශයෙන් සොරාගෙන තිබූ ත්‍රීරෝද රථයක් පදවාගෙන පැමිණ තිබෙනවා.
31හැවිරිදි සැකකරු තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙක්. සොරාගත් ගත් සියලුම ත්‍රීරෝද රථවල වටිනා කොටස් අලෙවි කර සැකකරු මත්කුඩු භාවිත කර ඇති බවයි පොලිසිය පවසනවා.
සොරා ගත් තවත් තීරෝද රථ දෙකක් සැකකරු පදිංචි නාවල වත්තේ නිවස ඉදිරිපිට ගාල් කර තිබියදී සහ, තවත් එක් ත්‍රී රෝද රථයක් මිරිහාන ප්‍රදේශයේ පුද්ගලයකුට ලබාදී රුපියල් 2500 ලබාගෙන ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණා.
කඩුවෙල ප්‍රදේශයෙන් සොරාගත් තිරෝද රථය දෙමටගොඩ ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සැකකරුගේ ප්‍රකාශ මත සොයා ගැනුණා.
සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත අතර මිරිහාන නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පරීක්ෂණ පවත්වයි.