විදේශයක සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත බුම්මා නමැත්තාගේ එම ජාවාරම මෙරට මෙහෙයවූ ප්‍රධාන සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෝදර ශාන්ත ජෝන්වේ මාර්ගයේදී වැටලීමක් සිදු කෙරුණා.
ඒ අනුවයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔහු ළග තිබී ගිනි අවියක්, උණ්ඩ කිහිපයක්, හා හෙරොයින් ග්‍රෑම් 20ක්ද සොයා ගැනුණා.
සැකකරු ළග තිබී ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය සොයා ගත්තා.
මෙම සැකකරු මනුෂ්‍ය ඝාතන කිහිපයකට සම්බන්ධ වූ අයෙකු ද වනවා. සැකකරු හා ඔහු සතුව තිබූ දෑ මෝදර පොලිසියට භාර දී තිබෙනවා.