fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද (24) ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2023 07:48

අද (24) ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

වැසි තත්ත්වය :පොතුවිල්සිටමඩකළපුව හරහාත්‍රිකුණාමලයදක්වාවෙරළටඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලවැසි වාර කිහිපයක් ඇතිවේ. කොළඹ සිටගාල්ලදක්වාවෙරළටඔබ්බෙන්වනමුහුදුප්‍රදේශවලස්ථානස්වල්පයකරාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සුළඟ : සුළංඊසානදෙසින්හමාඑනඅතරසුළගේවේගයපැ.කි.මී. (20-30) පමණවේ. මන්නාරමසිටපුත්තලමහරහාකොළඹදක්වා සහ ගාල්ල සිට හම්බන්තොට දක්වා වෙරළටඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය : මන්නාරමසිටපුත්තලම, කොළඹසහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළටඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2023-02-24
නගරය උෂ්ණත්වය(සෙඅංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 33 21 90 45 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මඩකලපුව 29 24 90 65 වැසි වාර කිහිපයක්
කොළඹ 33 24 80 60 සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
ගාල්ල 30 24 85 65 සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
යාපනය 30 24 95 45 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මහනුවර 31 19 90 40 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
නුවරඑළිය 22 11 95 50 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
රත්නපුරය 32 22 95 45 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ත්‍රිකුණාමලය 30 24 90 60 සිහින් වැසි වාර කිහිපයක්
මන්නාරම 31 24 90 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2023 07:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්