fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මදුරුවන්ගෙන් බෝ වන රෝග ඉහළයාමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2023 15:33

මදුරුවන්ගෙන් බෝ වන රෝග ඉහළයාමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

මදුරුවන්ගෙන් බෝ වන මැලේරියාව හා ඩෙංගු වැනි රෝග පැතිරයාම ක්‍රමිකව ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

මැලේරියාව හා ඩෙංගු වැනි මදුරුවන් මාර්ගයෙන් බෝ වන රෝග ඉහළ යාමට කාලගුණික විපර්යාස මූලික වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

උෂ්ණ අධික හා වර්ෂාධික කාලගුණි තත්ත්ව සමග මෙම රෝගයන් ද පහසුවෙන් පැතිර යාමට හැකියාව පවතින බව එම සංවිධානය පවසනවා.

ඩෙංගු, මැලේරියා, සිකා හා චිකන් ගුන්‍යා වැනි වෛරසයන් සීග්‍රයෙන් පැතිර යමින් පවතින අතර ඇතැම් රෝගීන්ගේ තත්ත්ව මාරාන්තික මට්ටමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මේ තත්ත්වය ෆැසිපික් කලාපීට රටවල් තුළ අධිකව දක්නට ලැබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් සඳහන් කරන්නේ.

2015 වසරේ සිට මේ දක්වා ෆැසිපික් කලාපීය රටවලින් මදුරුවන් ආශ්‍රිතව බෝ වන රෝග ව්‍යාප්තිය 40%කින් පමණ ඉහළ ගොස් ඇති අතර මරණ වාර්තා වීම 25%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2023 15:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්