fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අත්‍යවශ්‍ය සේවා පනත අද පාර්ලිමේන්තුවේදී විවාදයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2023 10:08

අත්‍යවශ්‍ය සේවා පනත අද පාර්ලිමේන්තුවේදී විවාදයට

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාගේ නියමය අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව ඇත.

අද පස්වරු 5.00 දක්වා අදාළ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලවලට අනුව අදාළ නියෝගය ගැසට් කර තිබේ.

ඒ අනුව විදුලි සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම හා සෞඛ්‍ය සේවාවන්ට අදාළ කටයුතු අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර ඇති බව සඳහන්ය.

අදාළ විවාදයෙන් අනතුරුව අද දිනයේ පෞද්ගලික මන්ත්‍රි පනත් කෙටුම්පත් ද්විත්වයක් වන ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත හා රතන තිස්ස සාම පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකිරීමට නියමිතය.

මේ අතර 09 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභා වාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පළමු වරට අද රැස්වීමට නියමිතව තිබේ.

එහිදී කෝප් කමිටුව සඳහා සභාපතිවරයෙකු තෝරා පත්කරගැනීමට නියමිතය.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2023 10:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්