අද (22) දින උද්ඝෝෂණයේ යෙදෙන පිරිස් වෙත අධිකරණයෙන් විශේෂ නියෝගයක් සිදුකර තිබෙනවා.
එහි සඳහන් පරිදි උද්ඝෝෂකයින් පිරිසක් කොටුව ප්රදේශයට එක්වී පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු වෙනත් ගොඩනැගිලිවලට ඇතුළු වීමට සැලසුම් කර ඇති බවට කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත එම විරෝධතා තහනම් කරන ලෙස කොටුව මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ බවයි.
ඒ අනුව උද්ඝෝෂකයින් හා මහජනතාව අතර ගැටුම්කාරී තත්ත්වයක් හා නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වීම මහජන පීඩාවක් විය හැකි බැවින් අද උදෑසන 11 සිට රාත්රි 7 දක්වා කොළඹ කොටුව ප්රදේශයේ මාර්ගවලට අවහිරතාවයක් සහ මහජනතාවට මෙන්ම මගී වාහන වාහනවලට බාධා කිරීම් නොකරන ලෙසට අධිකරණය ආඥාවක් නිකුත් කර තිබෙනවා
එමෙන්ම ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්යංශය හා ගාලුමුවදොර පිටිය පරිශ්රය යන ස්ථානයන්ට ඇතුළු වීමෙන් වළකින ලෙසටත් පොදු හා පෞද්ගලික හානි නොකරන ලෙසටත් නියෝග කරමින් වගඋත්තරකරුවන් 9දෙනෙකුට හා ඔවුන් සමග සහභාගී වෙන වෙනත් තැනැත්තන් වෙත අධිකරණයෙන් එම ආඥාව නිකුත් කර තිබෙනවා.