බගවන්තලාව වැවිලි සමාගම යටතේ පාලනය වන බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු කිහිපයකම වතු කම්කරුවන් තේ දළු කිරන විද්‍යුත් තරාදිය භාවිතයෙන් ඉවත් කරන ලෙස වතු පාලන අධිකාරියට බල කරමින් අද (22) කොටියාගල තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.
දිනක රු 1000 ක වැටුපට වතු කම්කරුවෙකු අමු තේ දළු කිලෝ 18 ක් නෙලිය යුතු බවට පාලන අධිකාරිය දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත් විද්‍යුත් තරාදිය වතු පාලන අධිකාරියට අවශ්‍ය පරිදි සකස් කර අමු තේ දළු කිරා භාර ගන්නා බවත්, එම තත්ත්වය මත තමන් උදෑසන සිට තේ වත්තේ වැඩ කරමින් නෙලා ගන්නා අමු තේ දළු විශාල ප්‍රමාණයක් වතු පාලන අධිකාරිය විසින් වංචා සහගතව හොරට කිරා ලබා ගන්නා බවයි කම්කරුවන පවසන්නේ.
තමන් දිනකට නෙලන තේ දළු විද්‍යුත් තරාදියෙන් කිරා භාර ගැනීමේදී වතු පාලන අධිකාරිය විසින් තමන් නෙලන අමු තේ දළු ප්‍රමාණය අඩුවෙන් පෙන්වන බවත්, ඒ අනුව එම තරාදියෙන් දිනකට අමු තේ දළු කිලෝ පහක් පමණ වතු පාලන අධිකාරිය ඉතා සූක්ෂම ලෙස තමන්ගෙන් ලබා ගන්නා බවත් උද්ඝෝණයේ නිරතව සිටි වතු කම්කරුවන් ප්‍රකාශ කළා
එමෙන්ම තේ වතු සමාගම් විසින් දැනට භාවිතා කරන විද්‍යුත් තරාදිය ඉවත් කර පැරණි තරාදිය යළි භාවිතයට ගන්නා තෙක් ඔවුන් උද්ඝෝෂණ සිදු කරන බවද සඳහන් කළා