fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අම්පාර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2023 11:46

අම්පාර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම ඇරඹෙයි

අම්පාර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. තවත් දිස්ත්‍රික් කිහිපයකද වී මිලදී ගැනීම් සිදු කෙරෙමින් පවතින බවයි වී අලෙවි මණ්ඩලය පවසන්නේ.

අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18 ක වී මිලදි ගැනිම අද ආරම්භ කෙරුණේ අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාගේ පුර්ණ අධික්ෂණ යටතේයි. වී කිලෝග්‍රෑමයක් රුපියල් 100ක මිලකට මිලදී ගනු ලබන අතර ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහඅටේ වී අස්වැන්න විධිමත් පරිදි මිලදී ගැනීම රජයේ අරමුණයි.

තම අස්වැන්න නිසි මිලකට අලෙවි කර ගැනීමට අවස්ථාව සලසාදීම පිළිබඳව ගොවීන් රජයට ප්‍රසාදය පළ කළා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2023 11:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්