fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝප් සහ කෝපා කමිටුවලට සාමාජිකයින් පත් කෙරේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2023 11:25

කෝප් සහ කෝපා කමිටුවලට සාමාජිකයින් පත් කෙරේ

කෝප් සහ කෝපා කමිටුවලට මෙන්ම තවත් කමිටු කිහිපයකට සාමාජිකයින් පත් කර තිබෙනවා.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවට තේරීම් කාරක සභාවක් මගින් සාමාජිකයින් පත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහාන් ද සිල්වා, ලසන්ත අලගියවන්න, ප්‍රසන්න රණවීර, කාදර් මස්තාන් හා ආචාර්ය සුරේන් රාඝවන්, ඒ අතර වනවා. ඩයනා ගමගේ මන්ත්‍රීවරියද චාමර සම්පත් දසනායක, එස් බී දිසානායක, තිස්ස අත්තනායක, වජිර අබේවර්ධන, ඒ එල් එම් අතාවුල්ලා, කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන්ද කාරක සභාවට ඇතුළත්. මනේ ගනේෂන්, සරත් වීරසේකර, විමලවීර දිසානායක, නිරෝෂන් පෙරේරා, ජේ සී අලවතුවල, වඩිවෙල් සුරේෂ් සහ අශෝක් අබේසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද කාරක සභාව මගින් නම් කර තිබෙනවා. එමෙන්ම බුද්ධික පතිරණ, ජයන්ත කැටගොඩ, හෙක්ටර් අප්පුහාමි, හේෂා විතානගේ, මේජර් ප්‍රදීප් උදුගොඩ, ඉසුරු දොඩංගොඩ, ශානක්‍යන් රාසපුත්‍රම්, සහන් ප්‍රදීප්, ඩී වීරසිංහ හා ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන්ද කෝපා කමිටුවේ සාමාජිකයින් වනවා.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවටද සාමාජිකයින් පත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ, ඉන්දික අනුරුද්ධ, ඩී වී චානක, අනුර දිසානායක හා රවුෆ් හකීම් යන මහත්වරුන් ඊට ඇතුළත්. එමෙන්ම අනුර ප්‍රියදර්ශන යාපා, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, රෝහිත අබේගුණවර්ධන, ඉරාන් වික්‍රමරත්න, නිමල් ලංසා හා ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරුන්ද කෝප් කමිටුවේ සාමාජිකයින් වනවා. එස් එම් එම් මුෂාරෆ්, නලින් බණ්ඩාර, එස් එම් මරික්කාර්, රෝහිණී කුමාරි කවිරත්න, චමින්ද විජේසිරි, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර, හා සුදර්ශන දෙණිපිටිය යන මහත්වරුද කෝප් කමිටුවට නම් කළ සාමාජිකයින්ට ඇතුළත්. ප්‍රේමනාත් සී දොලවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම් රාමේෂ්වරන්, ශානක්‍යයන් රාසමාණික්කම්, රාජිකා වික්‍රමසිංහ, මධුර විතානගේ, මහාචාර්ය රංජිත් බණ්ඩාර හා මහාචර්ය චරිත හේරත් යන මහත්වරුද එම කමිටුවට ඇතුළත්.

මේ අතර ගෘහ්‍ය කාරක සභාව සඳහාද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු නම් කර තිබෙනවා.

එමෙන්ම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට හා ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව සඳහාද සාමාජිකයින් පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබද කාරක සභාව සඳහාද සාමාජිකයින් පත් කර ඇති අතර පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව වෙනුවෙන්ද සාමාජිකයින් නම් කිරීමටයි තේරීම් කාරක සභාව පියවර ගෙන තිබෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2023 11:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්