ලොව පුරා දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව පහළට
Related Articles
ලොව පුරා රටවලින් දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව තවදුරටත් පහළ ගොස් තිබෙනවා.
ගතවූ පැය 24ට ලොව පුරා රටවල් 229 කින් හමුවී ඇත්තේ වයිරස ආසාදිතයින් 96,203 දෙනෙකු පමණයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 387 ක්. ඊයේ දිනයේ දී වැඩිම වයිරස අසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ජපානයෙන්. එම සංඛ්‍යාව 19,000කට අධිකයි. එමෙන්ම තායිවානයෙන් 17,000ක් / දකුණු කොරියාවෙන් හා රුසියාවෙන් 11,000 දහස බැගින් ආසාදිතයින් හමුව තිබෙනවා. ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 89 සිදුව ඇත්තේ ඇමෙරිකාවේ. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටහත් ලක්ෂ අනූදෙදහස් පන්සියය ඉක්මවා ගියා. හමුව ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හැටහත් කෝටි අනූලක්ෂයකට ආසන්නයි.