ONLINE මාර්ගයෙන් රූපලාවන්‍ය ද්‍රව්‍ය ගන්නවා නම් කල්පනාවෙන්
Related Articles
රූපලාවන්‍යාගාරවල භාවිතයට ගන්නා ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග, බෙහෙත් වර්ග ආදී කාණ්ඩ 58ක පමණ විශාල භාණ්ඩ තොගයක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගබඩාවක් තුළ තිබියදී සොයාගෙන තිබෙනවා.
ඒ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් වැටලීමකදීයි
ඒ අනුව එහි තිබී ප්‍රමිතියෙන් තොර ලිංගික උත්තේජන ආලේපන වර්ග රැසක් ද සොයාගෙන ඇති බවයි එම නිලධාරීන් සඳහන් කළේ.
සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වසර 04ක් තිස්සේ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම භාණ්ඩ අලෙවිකරණයේ නිරතවී ඇති බවයි
ඒ අනුව මෙම ආයතනයේ හිමිකරුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කළා.
මෙම නිෂ්පාදන අලෙවි කර තිබුණේ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් 03ක් මාර්ගයෙන් බවද අනාවරණ වී තිබෙනවා.